Sri Lanka Badminton

සෑම වසරකම පැවත්වෙන thomas and uber cup finals මෙවරත්
2024 අප්‍රේල් 27 වනදා සිට මැයි මස 5 වනදා දක්වා චිනයේ චෙන්දු නුවරදි පැවත්විමට නියමිතය.

ලෝක බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරනු ලබන ලෝක පිරිමි කන්ඩායම් ශුරතාවලිය( Thomas cup Finals) සහ ලෝක කාන්තා කන්ඩායම් ශුරතාවලිය (Uber cup finals) යන ආකාරයෙන් තරග පැවත්විමට නියමිත අතර මෙවර ලෝකයේ රටවල් 16ක් තරග වැදිමට නියමිතවේ.මෙම තරගාවලිය මෙම කැලන්ඩර් වර්ෂ⁣⁣යේ ලොව පැවැත්වෙන ඉහළම බැඩ්මින්ටන් තරගාවලිය වේ.

මෙම තරගාවලිය සදහා ලෝක බැඩ්මින්ටන් සංගමයේ විනිසුරුවන් පමණක් යොදා ගැනිම සිදුකරන අතර විනිසුරැවන් 26 දෙනකු රටවල් 19කින් සහභාගි විමට නියමිත වේ. ඒ අතුරින් ලාංකික විනිසුරු තිදෙනකු එකි විනිසුරු සංචිතයට තේරි පත්විම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තාක්ෂණික කමිටුවේ සහ මව් සංගමයේ ප්‍රබලත්වය පෙන්වන කාරණාවකි.

රෝහන ද සිල්වා ලක්ප්‍රිය එදිරිසිංහ සහ චතුරංග විශ්වනාත් යන ලෝක බැඩ්මින්ටන් සංගමයේ විනිසුරුවන් තිදෙනා මෙම තරගාවලියට සහභාගි විමට නියමිත වේ.

ඔවුන් ඉදිරි සති⁣⁣යේදි චිින⁣යේ චෙන්දු නුවර බලා පිටත් විිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *